ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ වන විටත් මෙම වසරේ ඔක්තෝබර් මස පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරාපත් කරගෙන තිබේ.
මෙම තෝරාපත් කර ගැනීම ඉන්දියාවේ දී ඔක්තෝබර් මස 10 වනදා සිට නොවැම්බර් මස 26 වනදා තෙක් පැවැත්වෙනඑක්දින ලෝක කුසලානය සඳහා පෙර සූදානමක් වෙනුවෙන් සිදුකළ බව සඳහන් වේ.
මෙම තෝරාපත් කර ගැනීම මුම්බායි නුවර පැවති සාකච්ඡාවකදී සිදුව ඇති අතර ඒ සඳහා ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් ,නායක රෝහිත් ෂර්මා ඇතුලු පිරිසක් ද එක්ව තිබේ.