ලෝක කුසලානයේ දී මහේල ශ්‍රී ලංකා පිළට.

විස්සයි විස්ස ‌ෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර ඇත.

ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 02 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර මහේල ජයවර්ධන 06 වන දා ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාවේ දී එක්වීමට නියමිතව ඇත.

ඈෂ්ලි ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ එතැන් සිට තරඟය අවසන් වන තෙක් මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැඳී සිටීමට නියමිත බවයි.

Exit mobile version