මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන ඉරිදා දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේදී පැවැත්වීමට නියමිත අතර එදින එම නගරයට වැසිබර කාලගුණ තත්වයක් පවතින බව එරට කාලගුණ අංශ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව විචාරකයින් පෙන්වා දෙන්නේ අවසන් මහා තරඟය අතිරේක දිනයකට යොදා ගැනීමට සිදුවනු ඇති බවයි.
කෙසේ වෙතත් එසේ අතිරේක දිනයක් ලෙස සඳුදා දිනය යොදාගනු ලැබුවත් එදිනද වැසිබර කාලගුණයක් පවතින බව පුරෝකථනය කර ඇත.
එය එසේ සිදුවුවහොත් ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම ලබා දීමට සිදුවනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දී ඇත.
මේ වන විටත් මි.මී 95 වැඩි වර්ශාපතනයක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට පතිත වන බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇති බව වාර්තා වේ.