ලෝක ගුවන් විදුලි දිනය අදයි.

ලෝක ගුවන් විදුලි දිනය පෙබරවාරි 13 එනම් අද දිනට යෙදී තිබෙන අතර මෙවර තේමාව දැනුවත් කිරීම, විනෝදාස්වාදය හා අධ්‍යාපනය ලබා දීමයි.

2010 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ස්පාඤ්ඤ ඇකඩමිය ලෝක ගුවන් විදුලි දිනය යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කරන ලදි.

යුනෙස්කෝ සංවිධානය මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ 2012 වර්ෂයේ වන අතර ගුවන් විදුලි යන්ත්‍රය සොයාගෙන වසර 118 කට ගත වීමෙන් පසුවය.

රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම උදෙසා 1909 වර්ෂයේදී භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය ඉතාලි ජාතික ගුවන් විදුලියේ නිර්මාතෘ ගුග්ලි එල්මෝ මාර්කෝනිට හිමි විය.

ගුවන් විදුලි ඉතිහාසය 1920 දශකයේ සිට ආරම්භ වී දශක 09 ක් පසු කරමින් රසික හදවත් ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යමින් සිටි.

Exit mobile version