ඖෂධ මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 73 ක් ලබාදීමට ලෝක බැංකුව පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කාණ්ඩ දෙකක් යටතේ ලෝක බැංකුව විසින් එම මුදල ලබා දීමට නියමිත අතර පළමුව අමෙරිකානු ඩොලර් මිලියන 23 ක් ලබාදෙන අතර ඉන් අනතුරුව ඉතිරි ඩොලර් මිලියන 50 ලබාදීමට නියමිත බවද වාර්තා වෙයි.
එසේම ආසියානු සංවර්ධන බැංකුව විසින් සෞඛ්‍ය ක්ෂේත්රයේ වෙනත් කටයුතු සඳහා වෙන් කළ අමෙරිකානු ඩොලර් මිලියන 21 යි දශම 8 ක මුදල ඖෂධ මිලදී ගැනීම සඳහා කඩිනමින් වෙන් කිරීමට එකඟතාව පළ කර තිබෙනවා.
එම මුදලට අමතරව තවත් අමෙරිකානු ඩොලර් මිලියන 45 ක්ද ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද උදෑසන සඳහන් කළා .
මේ අතර ඉන්දියානු ණය සහනාධාර වැඩපිළවෙල යටතේද තවත් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ඖෂධ මෙරටට හිමිවීමට නියමිතව තිබේ.