ලෝක ලාදුරු දිනය ජනවාරි 29 වනදාට යෙදී ඇති අතර මෙම වර්ෂයේ ලෝක ලාදුරු දිනය අදයි.
කොළඹ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේශන වෛද්‍ය චන්දන ගජනායක මහතා ප්‍රකාශ කරන පරිදි වසරකට මෙරටින් හමුවන ලාදුරු රෝගීන් ගණන 2000ක් පමණ වන බවයි. එමෙන්ම එයින් 10% ක් පමණ ළමුන් බව ඔහු ප්‍රකාශ කරයි.
මෙම හේතුවෙන් අදට යෙදී ඇති ලාදුරු දිනය උදෙසා කොළඹ දී විශේෂ වැඩසටහනක් පැවැත්වීමට නියමිත බව වාර්තා කරයි.