ලෝක වෙළඳපොළේ තෙල් මිල පහතට

මාස විස්සකට පමණ පසුව ලෝක වෙළඳපොළේ තෙල් මිල විශාල වශයෙන් පහත වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

මෙලෙස මිල අඩු වීමක් වාර්තා වීමට හේතු වී ඇත්තේ ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් වන බවයි රොයිටර්ස් පුවත් සේවය ප්‍රකාශ කළේ.

එම වාර්තාවන්ගෙන් පෙන්වා දෙන්නේ නොවැම්බර් මාසය වන විට Brent බොරතෙල් බැරලයක මිල 16.4% කින් පහත වැටී ඇති බවයි.

එමෙන් ම නොවැම්බර් මස වන විට 20.8% කින් WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද පහත වැටී ඇත.

Exit mobile version