ලෝක වෙළඳපොළේ රන් මිලේ වෙනසක්

ගතවූ සතියක කාලයේ දී ලෝක වෙළඳපොළේ රන් මිලේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ඇති අතර ,රන් අවුන්සයක් නැවතත් ඇමරිකානු ඩොලර් 1,800 සීමාව ඉක්මවා ඇත.

නොවැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා දින රන් අවුන්සයක මිල ඩොලර් 30කින් ඉහළ ගිය අතර, නැවතත් නොවැම්බර් මස 05 වනදා එනම් සිකුරාදා දිනයේ ඩොලර් 23.30 කින් රන් මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව සති අන්තයේ රන් අවුන්සයක මිල සටහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් 1,816 .80ක් ලෙසටයි.

අමෙරිකානු මධ්‍යම සංචිතය මගින් පොලී අනුපාත ඉහළ නැංවීමේ තත්ත්වයක් නොමැති විම මෙසේ රන් මිල ඉහළ යාමට හේතු වී ඇති බව සඳහන් වේ.

Exit mobile version