ගෝලීය වසංගත තත්ත්වයක් වූ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එක්රැස් වූ ටොන් දහස් ගණනක සායනික අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි සෞඛ්‍ය හා පාරිසරික ගැටලුවක් උද්ගත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
ඉන් වැඩි බලපෑමක් එල්ලවිය හැක්කේ අවිධිමත් ලෙස කසළ බැහැර කළ ස්ථාන ආශ්‍රිතව වෙසෙන පුද්ගලයින්ට මෙන්ම සෞඛ්‍ය සේවකයන්ට වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉවත දමන ලද සිරින්ජර්, භාවිතා කරන ලද කොවිඩ් පරීක්ෂණ කට්ටල සහ එන්නත් බෝතල් වැනි අපද්‍රව්‍ය ටොන් දහස් ගණනක් මේ වන විට ලොව පුරා ගොඩගැසී ඇති බවත් එතුළීන් මහජන සෞඛ්‍යට මෙන්ම පරිසරයට ද දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත්ය.
මෙම අපද්‍රව්‍ය හේතුවෙන් විෂබීජ පැතිර ගොස් සෞඛ්‍ය සේවකයන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීම සහ එන්නත් කටු ඇනීමෙන් තුවාල සිදුවීම වැනි අවදානම්වලට මුහුණ පෑමට සිදුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
එමෙන්ම කසළ නිසි කළමනාකාරිත්වයකින් තොරව බැහැර කළ ස්ථානයන්හි කසළ දහනය කිරීමේ දී නිකුත් වන විෂ වායු සහ ජලයට විෂ ඒක්වීමෙන් ඒ අවට ජීවත් වන ජනතාව රෝගාබාධයන්ට ගොදුරුවීමේ අවදානමක් ද පවතින බව ඔවුන් සඳහන් කරයි.
ඊට විසඳුම් වශයෙන් ආරක්ෂිත ඇඳුම් කට්ටල නැවත භාවිත කළ හැකි හෝ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් නිපදවීම, ප්ලාස්ටික් බහාලුම් අවම කිරීම වැනි ක්‍රියාමාර්ග තුළින් වෛද්‍ය අපද්‍රව්‍ය ගොඩගැසීම පාලනය කිරීමට පියවර ගන්නා ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කර ඇත.