ලෝක සෞඛ්‍ය සංධානයෙන් ඔමික්‍රොන් ගැන සුභ ආරංචියක්

දැනට ලෝකයේ පවතින පිලිගත් කොවිඩ් මර්දන එන්නත් තුළින් මෙම ඔමික්‍රොන් නව ප්‍රභේදයට එරෙහිව තවමත් සාර්ථක ලෙස ආරක්ෂාවක් ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

අනෙක් ප්‍රභේදයන්ට සාපේක්ෂව එන්නත් මඟහැරයාමේ විශේෂ හැකියාවක් මෙම නව ප්‍රභේදයට ඇති බවට පැහැදිලිව පෙනී යන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මයික් රයන් මහතා අවධාරණය කළේ.

 නමුත් දකුණු අප්‍රිකාව පසුගිය දා සිදුකළ සායනික පරීක්ෂාවකින් ඔමික්‍රොන් නව ප්‍රභේදය මගින් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත අර්ධ වශයෙන් මඟහැර යාමේ හැකියාවක් පවතින බවට අනාවරණය වී ඇති බව වාර්තා වේ.

එමගින් එන්නතේ ප්‍රතිශක්තිය 40% කින් පමණ අවම කරන බවයි දකුණු අප්‍රිකානු පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

Exit mobile version