ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අග්නිදිග ආසියාවට දැනුම් දීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනාගන්නා ලද ඔමික්‍රෝන් කොවිඩ් නව ප්‍රභේදය සම්බන්ධයෙන් අග්නිදිග ආසියාතික රටවලට දැනුම්දීමක් සිදු කර ඇත.

මේ වන විට ලෝකයේ රටවල් කිහිපයක් තුළින් ම මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් හඳුනාගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන්, සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි අයුරින් පිළිපදිමින් පසුවන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආසියා – පැසිෆික් කලාපයේ රටවලට දැනුම් දී ඇත.

එමෙන් ම එන්නත්කරණ ක්‍රියාවලිය ද ඉහළ නංවමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් තවදුරටත් දැඩි කරන ලෙසට ඔවුන් අනතුරු අඟවා ඇත.

ආසියා – පැසිෆික් කලාපයේ බොහෝ රටවල මේ වන විට කොවිඩ් ව්‍යාප්තිය පාලනය වී පැවතිය ද මෙම නව ප්‍රභේදය සමග තවදුරටත් ඊට එරෙහි ආරක්ෂාවක් තහවුරු කරගත යුතු බවයි පෙන්වා දෙන්නේ.

Exit mobile version