ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ ලොව පුරා මේ වන විට පැතිර යන ඩෙල්ටා සහ ඔමික්‍රොන් යන කොවිඩ් ප්රභේදයන් පැතිර යාමේ සීඝ්‍රතාවය පිළිබඳව සලකා බලන විට කොවිඩ් සුනාමියක් බවට පත්වීමේ අවදානමක් ඇති බවයි.
ඇමරිකාවේ හා යුරෝපයේ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබීරසේයස් විසින් මෙම ප්‍රකාශය සිදු කරනු ලබයි.
යුරෝපානු රටවලින් ඔමික්‍රොන් ආසාදිතයින් වාර්තාගත සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වන අතර , ප්‍රංශයෙන් දෛනික වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (29) වාර්තා වී ඇත්තේ 28,000ක් ලෙසයි.