අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අදට (01) යෙදී ඇති ලෝක ළමා දිනය පාදක කරගෙන “සියල්ලට ම පෙර දරුවන්” යන තේමාව කැටිකර ගනිමින් මෙවර ළමා දින ජාතික උත්සවය සංවිධානය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රට තුළ පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුව ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙවර ලෝක ළමා දින සැමරීමට කටයුතු සූදානම් කර ඇත.
ළමා දිනයට අදාළව අද සිට 31 වන දා තෙක් දිවයින පුරා ළමා සුබසාධක වැඩසටහන් ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කර ඇත.
ලෝක ළමා දින පිණිවුඩයක් නිකුත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,සමාජානුයෝජන ක්‍රියාවලියේ දී පුරෝගාමී සියලු ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළු කොට තැකිය නොහැකි බවත් ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හැරිය යුතු බවත් වර්තමාන ලෝකය මුහුණ දී ඇති වසංගත තත්ත්වය හමුවේ දරු පරපුරට පාසල් පංති කාමරය, ක්‍රීඩා පිටිය, දුරස්ථව ඇති බව ද සඳහන් කර ඇත.