නුවර එළිය ප්‍රාදේශීය සභාවේ සභාපති විසින් තරුණියන්ට ලක්ෂ ගණනින් මුදල් දූෂිත ලෙස ලබා දීම සම්බන්ධයෙන් වාර්තා ගණනාවක් අප වෙත ලැබී තිබේ.
එම වාර්තාවන් පෙන්වා දෙන්නේ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ ගිණුමෙන් කදපොල ප්‍රාදේශීය සභාවේ සභාපති යෝගරාජ්ට හොර පාරෙන් මිලියන ගණන් සල්ලි පිල්ලි යවා ඇති බවත් එක් අවස්ථාවකදී රුපියල් මිලියන 1.5 චෙක්පත් දෙකක් එක විටම නිකුත් කර ඇති බවයි.
2022 ඔක්තෝම්බර් මස මුල් සතියේ සිට නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ ගිණුම් අංක 0002068789 ගිණුමෙන් විශාල මුදල් ප්‍රමාණයක් චෙක්පත් හරහා කදපොල ප්‍රාදේශිය සභාවේ සභාපති, තමා ළඟ සේවය කරන සේවකයින් දෙදෙනෙකු මාර්ගයෙන් සභාපතිගේ ගිණුමට ලබාගෙන ඇත. අදාළ ගිණුම් විස්තර ද පහතිිින්,
01.දිනය 2022 ඔක්තෝම්බර් මස 13 වෙනි දින
චෙක්පත් අංක : 424104
M. Lawanya
Rs 249.975.00
02. දිනය. 2022 ඔක්තෝම්බර් මස 13 වැනි දින
චෙක්පත් අංකය: 424105
P Vijayakumari
Rs 249.975.00
ඉහත නම් සඳහන් තරුණියන් දෙදෙනා කදපොල ප්‍රාදේශීය සභාවේ සේවය කරන අතර මෙම චෙක්පත් දෙකම එකම ගිණුමකට බැර කරන ලෙස ඉල්ලීමක් ද කර ඇත. එම ගිණුමේ අයිතිකරු වන්නේ කදපොල ප්‍රාදේශිය සභාවේ සභාපති වන යෝග රාජාය.
ගිණුම් අංකය 88301804
බැංකුව ලංකා බැංකුව
කදපොල
නුවරඑළිය
මෙවැනි චෙක් දහයකට වඩා දින ගණනක් එක දිගට නොයෙකුත් මුදල් ප්‍රමාණ කදපොල ප්‍රාදේශීය සභාවේ සභාපති යෝගරාජාට හිමි ගිණුම් අංකයට බැර කරන ලෙස ලිඛිත ඉල්ලීමක්ද කර ප්‍රාදේශීය සභාවෙ ඉහත නම් සඳහන් තරුණියන් විසින් චෙක්පත් බැංකුවට යවා ඇත.සමහර චෙක්පත් මිලියන එකහමාර දක්වාද සටහන්වී තිබුණි බව සභාවෙන් තොරතුරු අනාවරණය වෙයි.
ප්‍රාදේශීය සභාවේ සේවය කරන නිලධාරීනියන් දෙදෙනෙකුගේ නමට එක දිගට ම නිකුත් කරන ලද මෙම චෙක්පත්වල වටිනාකම කොපමණද කියා ගණන් බලා නැත.
මෙසේ මුදල් ලබා දී ඇති තරුණියන් ප්‍රදේශීය වතු සේවකයන්ගේ දියණියන් දෙදෙනෙක් වන අතර ඔවුන් දෙදෙනා කිසිදු ව්‍යාපෘතියකට සම්බන්ධයක් නැති අතර ඔවුන්ගේ පෞද්ගලික නමට චෙක්පත් ලිවීම පුදුම සහගතය.
මෙම දෙදෙනාගෙන් එක් තරුණියක් ප්‍රාදේශීය සභාවේ සභාපති ගේ නිවස අසලම ජීවත්වෙන කම්කරු පවුලක තරුණියක් වන අතර අනිත් තරුණිය ප්‍රදේශයේම වත්තක ජීවත්වෙන තරුණියක් වේ.
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති කදපොල ප්‍රාදේශීය සභාවේ සභාපති යන දෙදෙනා විසින් මෙම තරුණියන් බලාත්කාරයෙන් මෙම හොරකමට යොමු කරාද යන්න මේ වනවිට සැකයට තුඩු දී ඇත.
පසුගිය කාලය පුරා නුවරඑළිය කඳපොළ ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධව සහ තවත් නොයෙකුත් අක්‍රමිතා සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපති යෝගරාජා නමැති මෙම පුද්ගලයා පිළිබඳ වරින් වර තොරතුරු හෙළිදරව් වුවද නීතිය ක්‍රියාත්මක වූයේ නම් නැත.
මම සිද්ධීන් අතර රජයේ සතු concordia වත්තට අයිති ඉඩම් කැබලි විකිණීම සම්බන්ධයෙන් ද මෙම කදපොල සභාපතිවරයාට ඇඟිල්ල දික් වන අතර ඔහු විසින් විකුණන ලද එක රජයේ ඉඩමක් මිලදී ගෙන තිබුනේද වත්තල මුදලාලි නැමැති පුද්ගලයා ය.
නුවරඑළිය නගරයේ ඇති රජයේ ඉඩම් සහ නුවරඑළිය නගරය වටා ඇති තේ වතු ඉඩම් වතු අධිකාරීන් සමග එකට එකතු වී රහසිගතව විකුණන සිදුවීම් ගණනාවක් මේ වන විට තොරතුරු හෙළි වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුවර එළිය ලංකා බැංකුවේ නිලධාරීන් විසින් සිද්ධිය වසන් කරන අතර එම සිද්ධියට පිටුපසින් ප්‍රධාන බැංකු කලමනාකාරනීක්ය සිටින බවටද තොරතුරු සැලවෙයි.
මෙමවාර්තාව සම්බන්ධයෙන් සාක්ෂි සියල්ලක් ද අප සතුව පවතින අතර කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති යෝග රාජ්ගෙන් කරන ලද විමසීමක දී ඔහු පිළිතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ඇමතුම විසන්ධි කරන ලදී. ඔහුගේ ප්‍රකාශය පහතින් රස විදිය හැකිය. තොරතුරු ලබා නොදී පැන ගියේ සැබවින්ම මෙය මහජන බදු මුදල් හොරකමක් නිසාද?. මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමනි. මේ ඔබේ අවධානයටයි.