රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා එක්ෂත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා හෙට (27) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. එසේම සර්ව පාක්ෂික ආණ්ඩුවේ කැබිනට් ඇමති ධුරයක්ද ලැබීමට නියමිත බවද වාර්තා වේ.
මැයි මස 9 වැනිදා රටම ගිනි තැබීමේ මෙහෙයුමේ සෘජුවම වගකිව යුතු රාජ්‍ය නිලධාරියා වන බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දැඩි වජිර අබේවර්ධන මහතාගේ සමීප මිතුරෙක් බවද කියවේ.
රටක් ගිනිතැබීමට, අපරාධ ගනනාවකට වගකිව යුතු චුදිතයෙක් බව කියවෙන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට එරෙහිව තවමත් නීතිය ක්‍රියත්මක වී නැත. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස් ඇමති ටිරාන් අලස් මහතාගේද සමීප මිතුරෙකු බව කිය වේ.