වට්ස්ඇප් නව පහසුකමක්.

වට්ස්ඇප් මෘදුකාංගය හරහා තවත් නව පහසුකමක් පරිශීලකයින් වෙත ලබා දීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව පරිශීලකයෙකු විසින් වට්ස්ඇප් හරහා යවනු ලබන පණිවිඩයක් විනාඩි 15 ක් ඇතුළත සංස්කරණය කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවට එම සමාගම සදහන් කර තිබේ.

පරිශීලකයින් විසින් සිදුකරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කර මෙම නව පහසුකම ලබා දීමට එම සමාගම තීරණය කර ඇති අතර ඉදිරි සති දෙක තුළදී වට්ස්ඇප් පරිශීලකයින් වෙත මෙම නව පහසුකම ලැබෙනු ඇති බවට සදහන්.

Exit mobile version