ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා මර්දන එන්නත් වඩාත් අවශ්‍ය කරන අවදානම් කාණ්ඩයන් සඳහා එන්නත්කරණය ඉහළ නංවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉල්ලීම් කරයි.
යුරෝපය තුළ කොරෝනා අසාදනය නැවතත් සීඝ්‍රලෙස ඉහළ යාම පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් විසින් ජිනීවා නුවර දී මේ බව සඳහන් කර ඇත.
යුරෝපයෙන් පසුගිය සතියේ දී පමණක් කොරෝනා ආසාදිතයින් මිලියන දෙකක් වාර්තා වී ඇති අතර ගෝලිය වසංගතය ආරම්භයේ පටන් යුරෝපයෙන් සතියක් තුළ දී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙයයි.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් සඳහන් කළේ වඩා වැදගත් වන්නේ එන්නත්කරණ සංඛ්‍යාව නොවන බවත් අවශ්‍ය පුද්ගලයන් වෙත එම එන්නත් ලබා දීම වඩාත් වැදගත් බවත් ය.
එමෙන් ම ලොව පුරා සෞඛ්‍ය සේවකයන්, වයස්ගත වූවන් මෙන් ම අනෙකුත් අවදානම් කණ්ඩායම් පළමු එන්නත් මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවක සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන්ට වර්ධක මාත්‍රාව ලබා දීම හෝ ළමුන්ට එන්නත් ලබා දීම ඵලදායී නොවන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.