හුන්නස් පෝල්ස් හෝටල් කළමනාකාරිත්වය චෝදනා ප්‍රතික්ෂේප කරයි.
රට තුළ යළි අර්බුදයක් ඇති කර සමස්ත ක්‍රියාවලියම අස්ථාවර කිරීමට එක්තරා කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
මෙම කණ්ඩායම පසුගිය සතියේ වත්තේගම හුන්නස් පෝල්ස් හෝටලයේ වැඩමුළුවක් පවත්වා ඇති බවද එහිදී හමුදාවට හා පොලිසියට විරෝධතාවයකදී මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් එම පිරිසට විශේෂ පුහුණුවක් ලබාදී ඇති බවද හෙතෙම කියා සිටියේය.
කදුළු ගෑස්, ජල ප්‍රහාර සඳහා මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන්ද ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් මෙහිදී සිදුකර ඇතැයි ද තොරතුරු ලැබී තිබෙන බවද ඇමැති වරයා පැවැසීය .
අප මේ පිළිබඳව හුන්නස් පෝල්ස් හෝටලයේ ඉහළ කළමනාකාරිත්වයෙන් විමසීමක් කළ අතර ඔවුන් ප්‍රකාශ කළේ එවැනි කිසිම වැඩසටහනක් හෝ පුහුණු කඳවුරක් හුන්නස් පෝල්ස් හෝටලයේ නොපැවැත්වුණු බවයි .
“එහෙම කිසිම දෙයක් වුණේ නැහැ.ඔය කියන ආකාරයේ වැඩමුළුවක් තිබුණේ නැහැ .ඕවා බොරු .වැඩි විස්තර කියන්න බැහැ.හොඳටම ගෙස්ට්ලා ඉන්න කාලේ.ඉස්සරහට මොනව වෙයිද කියන්න බැහැ.” අප හා අදහස් දැක්වූ ඉහළ කළමනාකරු පැවැසීය.
සරත් සමරනායක.