වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

තමන්ට නිසි වැටුපක් නොමැතිවිමෙන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමේ අවදානමකට ලක්ව ඇති බව වතුකරයේ පිරිසක් පවසති.


මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට තමන් පත්ව ඇති දැඩි ආර්ථික ප්‍රශ්න හමුවේ තම දරුවන් නිසි ලෙස පාසැල් යැවිමට නොහැකි තත්වයක් උද්ගතවි ඇති බවත්ය.


වතුකරයේ රැකියා කරන තමන්ට මේ වන තෙක් නිසි වැටුපක් නොලැබෙන බවත් එවන් තත්වයන් මත තමන් දැඩි ආර්ථික ප්‍රශ්න මත ජිවත් වන බවත් පවසන එම පිරිස් තමන්ට ලැබෙන වැටුපෙන් නිසි ලෙස ආහාර හෝ ලබා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවද පවසති.
එවන් තත්වයන් මත තම දරුවන්ගේ අධ්‍යාපනය සදහා අවශ්‍ය පොත් පත් ආදිය නිසි ලෙස ලබා ගැනිමට නොහැකි තත්වයක් මත තම දරුවන් නිසි ලෙස පාසැල් යැවිමට නොහැකි තත්වයක් පවතින බවද එම පිරිස් පවසති.


එමෙන්ම සමහර පාසල්වල විවිධ වැඩ සටහන් සදහා මුදල් ඉල්ලිම් කරන බවත් තමන් පත්ව සිටින ආර්ථික ප්‍රශ්න හමුවේ එසේ මුදල් ලබා දිමට නොහැකි තත්වයක තමන් සිටින බැවින් තම දරුවන් නිසි ලෙස පාසැල් යැවිමට නොහැකි තත්වයක් පවතින බවත් එවන් තත්වයන් මත තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමේ අවදානමකට ලක්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

Exit mobile version