තම වතුයායේ පදිංචිකරුවන්ට ජල ගැටළුවක් මතු වි ඇති බව පවසමින් තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ වතු කම්කරුවෝ අද(28) දින වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වේ.
තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදුවැටියේ සිට තම වතුයාය හරහා ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරස් කරමින් තලවකැලේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට ලබා ගන්නා ජලය නිසා මෙම ගැටලුව මතුව ඇතැයි ඔවුහු කියති.
තලවකැලේ ජල පොම්පාගාරයට අවශ්‍ය ජලය ලබාගත් වේල්ලට ඉහලින් ගලා බසින ජලය ඊට පහලින් හරස් කර තම දෛනික කටයුතු වලට සහ වගා කටයුතු වලට යොදා ගත්තද වේල්ල තවදුරටත් වැඩිදියුණු කිරිම තුලින් තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජලය නොලැබි යාමේ අවදානමක් මතු ව ඇතැයි ඔවුහු කියති..