වනරාජයේ වනස්පතීන් සෙලවෙයි.

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල පවතින දැඩි සුලං තත්වයන් හේතුවෙන් දික්ඔය වනරාජ ප්‍රදේශයේ මාර්ගයට 10වන දින ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට පැය හතරක පමන කාලයක් බාධා එල්ලවිය.


මෙම ප්‍රදේශයන්ට පැවති දැඩි සුලං තත්වයන් හේතුවෙන් හැටන් ලක්ෂපාන මාර්ගයේ දික්ඔය වනරාජ ප්‍රදේශයේදි විශාල ප්‍රමාණයේ මෙම ගස මාර්ගය හරහා කඩා වැටිමත් සමග මෙම තත්වයන් උදාවු බව හැටන් පොලිසියේ නිලධාරියකු පැවසිය.


එම ගස කඩා වැටිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම අවහිරවු බවත් පසුව මාර්ග සංවර්ධන අධිකාරියේ හැටන් පොලිසිය ප්‍රදේශයේ ජනතාවද සමග එක්ව එම ගස කපා ඉවත් කර එම මාර්ගය යථා තත්වයට පත් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

Exit mobile version