වනාන්තර ගිනිතැබීම් පිටුපස ඉඩම් මංකොල්ල කන පිරිස්.

පවතින නියගයද විහිළුවකට ගනිමින් රට පුරා තිබෙන රජයට නොහොත් ශ්‍රී ලංකාවට අයත් කැලෑ පෙදෙස් විශාල ප්‍රදේශයක් ගිනි තබා විනාශ කරන ලදී. ගිනි තැබූ පුද්ගලයන් සොයා ගැනීමට නොහැකි වුවත් මේවා ස්ථීර වශයෙන්ම ගිනි තැබීම් වේ.

මෙම ගිනිතැබීම් සිදුකරනුයේ දඩයක් කරුවන් බව යම් කිසි පිරිසක් සමාජ ගත කර තිබේ. සත්‍ය වශයෙන්ම කැලෑවක් ගිනි තබා පලායන සතුන් ඇල්ලීමට දඩයක්කරුවන් කණ්ඩායමක් සිටිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ තුලින් එවැනි දෙයක් නිශ්චිතවම හදුනාගෙන තිබේද? යන්න අප නොදන්නවා වුණත් එසේ තිබේනම් ඔවුන් අත්අඩංගුවට ගත යුතුය. නමුත් අප දන්නා තරමින් එවැනි දෙයක් නොමැති නමුත් හේන් ගොවිතැන වෙනුවෙන් ගිනි තැබූ ගොවීන් පමණක් අත්අඩංගුවට ගෙන තිබුණි. එය අපට වාර්තාවන්නේ එකම එක පොලිසියකින් පමණි.

ගිනිතැබීම දඩයක්කරුවන් වෙනුවෙන් පවසන චෝදනාව සමාජගතවෙමින් තිබියදී ජල පෝෂක කලාපවල ගිනි තබා ඇති රක්ෂිත කැලෑවල් ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් විවිධ කටයුතු සිදුකරමින් සිටින බව අපට වාර්තාවේ. අපට වාර්තාවන ආකාරයට එම ගිනි ගත් ප්‍රදේශ රාජ්‍ය වැවිලි සංස්ථාව හරහා විවිධ පුද්ගලයන් හට කොටස් කර බෙදා දීම සඳහා පිඹුරු පත් එලමින් සිටී.  

මෙසේ ගිනිගත් බොහෝ ස්ථානවලට රාජ්‍ය ඉඩම් සංස්ථාවේ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් ගොස් තිබේ.  ගිනිතැබීම් නිවාදැමීමට කටයුතු කිරීමට කිසිදු අවධානයක් යොමු නොකළ ඔවුන් ගිනි ගත් ස්ථාන පසුදිනම පරීක්ෂාවට ලක්කළේ ඇයි?

කෙසේ නමුත් දැන් වහ වහා කළ යුත්තේ ගිනි තැබූ රක්ෂිත සහ අනෙකුත් වනාන්තර සියල්ලම ඉලක්ක කර ගනිමින් ඉදිරියේ එන වැසිසමයේදී “ වන වගා සංග්‍රාමයක්” ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කිරීමයි.

Exit mobile version