වනිඳුගේ ආඩම්බරකාර අපේක්ෂාව.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල අපේක්ෂාවක් වන වනිඳු හසරංග ප්‍රකාශ කළේ තමන්ගේ එකම අරමුණ ලෝකයේ හොඳම තුන් ඉරියව් පිතිකරුවන්ගේ පළමු තැනට පැමිණීම බවයි.

වනිඳු මේ බව සඳහන් කළේ ඊයේ (11) පැවති විශේෂ භෝජන සංග්‍රහයකට එක් වූ අවස්ථාවක ඔහුට යොමුකළ පැනයකට පිළිතුරු දෙමිනි.

පසුගිය දා ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ආකාරයෙන් ම ලෝක කුසලනාය ද ජය ගන්නා බවයි වනිඳු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

එමෙන්ම එහි දී වනිඳු සඳහන් කළේ තමන් පිතිකරණය සඳහා පිවිසෙන විට ඉතිරිව ඇත්තේ කුඩා ඕවර් සංඛ්‍යාවක් බැවින් එම අවස්ථාවේ හැකි උපරිම ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමට එක් කිරීමට කටයුතු කිරීම අපේක්ෂාව වන බවයි.

ඔහු සිය අරමුණ කරා යාම සඳහා අවශ්‍ය මූලික පියවර සකසමින් පන්දු කරනයේ මෙන්ම මේ වන විට පිතිකරණයේ ද පුහුණු වීම් සඳහා අවධානය යොමු කර ඇති බව ද මෙහි දී ප්‍රකාශ කර ඇත.

Exit mobile version