මේ වන විට කොවිඩ් වෛරසය වැළඳීම හේතුවෙන් නිරෝධායනය සඳහා යොමුකර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංගගේ මේ වන විට තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයට අනුව ඊයේ (22) දින සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව තුළින් වනිඳු හසරංග කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.
අනතුරුව කරන ලද PCR පරීක්ෂණය තුළින් ද ඒ බව තහවුරු වූ බව එම නිවේදනයේ දක්වා ඇත.
ඒ අනුව එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ ඉදිරියේ දී සිදුකරන පරීක්ෂණ තුළින් ද වනිඳු හසරංග කොවිඩ් වෛරස ආසාදනයෙන් පූර්ණ වශයෙන් මිදී ඇති බවට තහවුරු වන තෙක් ඔහුව ඔස්ට්‍රේලියාවේ රඳවා තැබෙණ බවයි.