කිරල්පැටියාව – මහවිලච්චිය ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි රංජිත් බණ්ඩාර නැමැති පුද්ගලයෙකුට වන අලියෙක් පහර දීමකින් ජීවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වේ.
මිය ගිය පුද්ගලයා ගව ගාලක් පවත්වාගෙන ගිය අතර වන අලි පැමිණීම වැළක්වීමට ගිනි මැල ගැසීම සදහා දර කැඩීමට කැළයට ගිය අවස්ථාවේදී මහවිලච්චිය – සූරියදමන ප්රදේශයේ දී මෙම වන අලි ප්රහාරයට ලක් වී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බව කියයි.වන අලි පහර දීමෙන් මිය ගිය දෙවන පුද්ගලයා බව ප්රදේශවාසීන් ප්රකාශ කරයි. මෙම සිදුවීම් සිදු වන්නේ වනජීවී නිළධාරීන්ගේ නොසැලකිල්ල නිසා බව ප්රදේශවාසීන් චෝදනා කරයි.