වන විනාශය වැළැක්වීමට ලෝක නායකයන්ගෙන් ප්‍රතිඥා

2030 වර්ෂය වන විට වන විනාශය සම්පූර්ණයෙන්ම වැළැක්වීම සඳහා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන කාලගුණ වෙනස පිළිබඳ ගෝලීය සමුළුවේ දී ලෝක නායකයින් විසින් ප්‍රතිඥා දී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ලෝකයේ දැවැන්ත විනාශයකට පත්ව ඇති ලොව විශාලතම සදාහරිත වනාන්තරය වන ඇමර්සන් වනාන්තරයේ වැඩි ප්‍රතිශතයක් අයත් වන බ්‍රසීලය ද ඇතුළත් වීමයි.

මේ වන විට සිදුවන කාලගුණ විපර්යාසයන්ට ප්‍රධාන සාධකය වන්නේ මිහිතලය උණුසුම් කරන කාබන් – ඩයොක්සයිඩ් වාතය අවශෝෂණය කරගන්නා තුරු ලතා විනාශයයි.

එලෙස විනාශ වී ඇති වන පෙදෙස් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය කරන මූල්‍යාධාර සැපයීමට ද මෙම ලෝක නායකයින් එකඟතාවය පලකර ඇත.

ඒ අනුව ලොව රටවල් 100කට වැඩි සංඛ්‍යාවක නායකයින් විසින් මෙම එකඟතාවයට අත්සන් තැබීමට නියමිතව ඇති අතර ලොව වන සම්පතින් 85%ක ප්‍රමාණයක් හිමිවන්නේ ද මෙම රටවලටයි.

Exit mobile version