වන සංරක්ෂණ ඉඩම් කෘෂිකර්මාන්තයට.

වන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීමේ සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බවට ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් පැවසූ බව වාර්තා වේ.

මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක වල කෘෂිකාර්මික අංශය දියුණු කිරීම සඳහා මේ වන විටත් වැව් 61ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

විදේශ ආධාර මත විවිධ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ම දියත් කර තිබෙන අතර කෘෂිකාර්මික අංශයේ දියුණුව සඳහා අත්‍යාවශ්‍ය වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඒ අතර විශේෂ බව සඳහන් කර තිබේ.

Exit mobile version