වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත සංශෝධනයට කටයුතු කරයි

ශ්‍රී ලංකාව 1979  මැයි මාසයේ 04 වන දින, තර්ජනයට ලක් වූ වනසත්ත්ව හා වෘක්ෂලතා විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක් ලෙස එම සම්මුතියට අත්සන් තබා ඇත.

2016 සැප්තැම්බර් මස 06 වනදින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදාළ සම්මුතියේ විධිවිධාන දේශීය වශයෙන් බලගැන්වීමට හැකි වන ආකාරයට 2009 අංක 22 දරණ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සංශෝධනය කිරීම පිණිස අනුමැතිය ලබා දී ඇත.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද සංශෝධිත පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති බවට වාර්තා වන අතර එම පනත් කෙටුම්පත වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අතර, එහි දී එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇත.

Exit mobile version