වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇති සහ මේ වන විටත් වඳවී ඇති ශාක හා සත්ත්ව කොට්ඨාස.

පරිසර අමාත්‍යංශය සඳහන් කලේ ශ්‍රී ලංකාවේ වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්වී ඇති සතුන් හා ශාක සම්බන්ධව වසර පහකට වරක් සකස් කළ යුතු රතු දත්ත පොත (Red Data Book) වසර 10කට පසු නව සංස්කරණ සිදුකර අවසන් බවය.

මෙම රතු දත්ත පොත සකස් කිරීමේ කටයුතු සිදුකර ඇත්තේ පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ඒකකය විසින් ය.

මෙම රතු දත්ත පොත කොටස් 09කට වර්ගීකරණය කර ඇති බවයි පරිසර අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

  1. වඳවී ගිය.
  2. පරම්පරාගත ගහනයෙන් තොර වූ
  3. වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ
  4. වඳවී යාමේ ඉහළ අවධානමක් ඇති
  5. අනතුරට ලක්විය හැකි
  6. අවදානම හමුවේ ඇති
  7. අවම අවදානමේ ඇති
  8. දත්ත ඌණතා සහිත
  9. වර්ගීකරණයට ලක් නොකළ

රතු දත්ත පොත ශ්‍රී ලංකාවේ අවසන් වරට සකසා ඇත්තේ 2012 වර්ෂයේදී ය.

Exit mobile version