මේ වන විට වඳුරු උණ රෝගය වැළඳී ප්‍රථම ශ්‍රී ලාංකික ආසාදිතයා හඳුනාගෙන ඇති අතර මෙම වෛරසය මින් ඔබ්බට පැතිර යාම වළක්වා ගැනීම සඳහා කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ වඳුරු උණ රෝගය මෙරට පැතිරීම වැළැක්වීම සඳහා ගුවන්තොටුපොළ ඇතුළු ස්ථානවල නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සඳහා බලධාරීන් පියවර ගතයුතුව ඇති බවයි.
මෙම වඳුරු උණ රෝගය පැතිරයාම සිදුවන්නේ ආසාදිතයෙකුගේ තුවාලවල ශ්‍රාවයන් සෘජුව ම ස්පර්ශ වීමෙන් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ.
මෙරටින් වඳුරු උණ ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග ඒ පිළිබඳ අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් දක්වා ඇත.
ඩුබායි සිට මෙරටට මෙම මස 01 වනදා පැමිණි වයස අවුරුදු 20ක් වන තරුණයෙක් වඳුරු උණ ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය ඊයේ (03) දිනනයේ ප්‍රකාශයක් නිකුත් කර ඇත.
එම පුද්ගලයා වසා ගැටිති ඉදිමීම සහ වෙහෙසකාරී බල ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය වෙත පැමිණ තිබූ අතර එහි දී කරන ලද පර්යේෂණවලදී ඔහුගෙන් වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි.
මේ වන විට මෙම ආසාදිත පුද්ගලයා අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.