වඳුරු උණ පිළිබඳව අනිසි බියක් ඇති කරගතයුතු නෑ – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

ඊයේ (09) දිනයේදීත් ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු වඳුරු උණ ආසාධිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමඟ මෙරටින් මේ වන විට වඳුරු උණ රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇත.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙරටින් වඳුරු උණ රෝගීන් දෙදෙනෙකු හමු වූ පමණින් එය වසංගතයක ආරම්භයක් නොවන බවයි.එසේම මේ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් තබා ගත යුතු නොමැති බව ද ඒ මහතා ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් මෙම රෝගය සතුන්ට බෝවන රෝගයක් බැවින් ඉතා කිට්ටු ආශ්‍රයකින් තොරව මෙය මිනිසුන්ට බෝ වීමට ඇති ඉඩකඩ අඩු බවත්.මෙහි රෝග ලක්ෂණ පැපොල රෝගයට සමාන බවත් ,ජනතාව මේ පිලිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නමුත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා ප්‍රකාශ කර ඇත්තේ වඳුරු උණ රෝගය සම්බන්ධයෙන් බිය නොවිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවද රෝගය පැතිර යාමේ හැකියාවක් පවතින බවයි.

එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් චමල් සංජිව මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙරට තුළ සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක වන නිසාත් ,ගුවන්තොටුපළ විවෘත කර ඇති නිසාත්, රෝගය වෛරසයක් නිසාත් පැතිර යාමේ අවධානම කිසිසේත් අවතක්සේරුවට ලක් නොකළ යුතු බවයි.එමෙන්ම ඔවුන් සතුව ඇති මාර්ග සැලසුම ප්‍රකාශයට පත් කිරීම සහ ඒ සඳහා ජනතාවට දෙන නිල උපදෙස් මොනවාද යන්න පිළිබඳ අවධානය යොමු කිරීම අමාත්‍යාංශයේ වගකීම බවයි.

Exit mobile version