වඳ වෙන්නේ නැහැ. බය නැතිව ගන්න.

කොවිඩ් එන්නත ලබා ගැනීම නිසා කාන්තාවන් මද සරුභාවයට පත් වන බවට පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

තව දුරටත් කරුණු සඳහන්  කල ඒ මහතා කියා සිටියේ  ශ්‍රී ලංකාවේ ගර්භනී මව්වරුන්ට නිර්දේශ කර ඇති සයිනෝෆාම් එන්නත හේතුවෙන් කිසිඳු සංකූලතාවයක් මෙතෙක් ඇතිව නොමැති බවය. ඒ අනුව කිසිම පැකිලීමකින් තොරව කඩිනමින් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙස මෙරට කාන්තාවන්ගෙන් ඉල්ලීමක්ද කරන ලදී.

කෙසේ වුවද මේ වන විට ශ්‍රී ලංකාවේ ගර්භනී මව්වරු 700 කට  පමණ කොවිඩ්  රෝගය වැලදී ඇති අතර ඉන් 19 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබේ.

Exit mobile version