වයසට යාම වළක්වන බෙහෙතක්.

වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බවත්, එය නොබෝ දිනකින් ජනතාව අතට පත්කළ හැකිවෙතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පවසා ඇති බව වාර්තා වේ.

මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ස්වභාවික ශාකසාර ආශ්‍රයෙන් බවත්, එම ඖෂධයේ ක්‍රියාකාරීත්වය වනුයේ වයසට යාම වැළැක්වීම හෙවත් කෙනෙකුගේ අංකමය වශයෙන් පෙනෙන වයසට වඩා අඩුවෙන් තරුණ බවට පත්වීම බවත් ඔහු පවසා තිබේ.

මෙම ඖෂධය නිෂ්පාදනය සහ අත්හදා බැලීම් සඳහා තමා ඇතුළු කණ්ඩායමට වසර හතරකට වැඩි කාලයක් ගත වූ බවත්, මේ වන විට එම ඖෂධයේ නිෂ්පාදන කටයුතු සියයට අනූ නමයක්ම අවසන්ව ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම, ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ගැනීම් ආදිය සිදු කිරීමටද නියමිත බවද වැඩිදුරටත් සඳහන්.

Exit mobile version