වයස අවුරුදු 14 ක  දැරිය අපයෝජනය කල චීවරධාරියා

අවුරුදු 14 ක පාසැල් දැරියක් අපයෝජනය කල චීවර ධාරියෙක් හා තවත් තිදෙනෙකු ගැන දොඹගහවෙල ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙම පාසැල් දැරිය පාසැල් නිවාඩුවට ජාඇල  ප්‍රදේශයේ සිට ඇයගේ නැන්දනිය සිටින දොඹගහවෙල ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී මෙම අපරාධය සිදුව තිබේ.

මේ සම්බන්ධව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැරිය තම නැන්දනිය හා මිත්තනිය සමග විහාරස්ථානයට ගිය අවස්ථාවේ වැඩිහිටියන් දෙදෙනාගේද සහය ඇතිව එම පන්සලේ චීවරධාරියා විසින් මෙම දැරිය පන්සල තුලදීම ලිංගික අතවරයට ලක් කර ඇති බවයි.

තවද චීවර ධාරියාගේ සොයුරකුද මෙම දැරියට නැන්දනියගේ නිවස තුලදීම ලිංගික අතවර කල ඇති බැවින් ඔහුද චීවරධාරියා හා දැරියගේ මිත්තණිය, නැන්දනිය යන සිවු දෙනාම දොඹගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මොනරාගල අධිකරණයට ඉදිරි පත් කරණ ලදී.

චූදිතයන් සිවු දෙනා ජනවාරි 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇති අතර වැඩිදුර විමර්ශන දොඹගහවෙල පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version