වයස අවුරුදු 60 වැඩි අයට තෙවන මාත්‍රාවක් ලෙස ෆයිසර්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ,අසේල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නත ලබා දීමට අනුමැතිය ලැබී ඇති බවයි.

සෞඛ්‍ය අංශ සේවකයින්ට සහ ඉදිරිපෙළ අනෙකුත් සේවකයින් සඳහාත් වයස අවුරුදු 30 – 60ත් අතර පිළිකා සහ වකුගඩු රෝගවලින් පෙලෙන පුද්ගලයින් සඳහාත් තෙවැනි මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

අවසන් වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ ලෝකයේ තිබෙන සාධක අනුව බූස්ටර් එන්නත් වශයෙන් බොහෝ විට ෆයිසර් එන්නත ලබා දෙන බවයි සඳහන් වන්නේ.

Exit mobile version