වයස අවුරුදු 60න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමට අදාළ සංශෝධන ඇතුළත් කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල කාර්යාලයට යොමු කර ඇත.
පසුගිය සිකුරාදා දිනයේ අදාළ සංශෝධන ඇතුළත් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළ බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ.
ඒ අනුව එම සංශෝධන ඇතුළත් පත්‍රිකාව අද (12) දිනයේ දී හෝ එළඹෙන අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට ගනු ඇති බව ද වාර්තා වේ.
පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය තුළින් වයස අවුරුදු 65ක්ව පැවති රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස , අවුරුදු 60දක්වා අඩු කරනු ලැබීය.
එහි දී යෝජනා කර ඇත්තේ වෛද්‍ය, හෙද සහ ඉංජිනේරුවරුන් හැර අනෙකුත් වයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද රාජ්‍ය සේවකයින් මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදා දිනෙන් විශ්‍රාම ගත යුතු බවයි.
මීට අදාළ චක්‍රලේඛනය ඉදිරි සති දෙක තුළ දී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ඇත.