වර්ෂාවෙන් ගොවි ජනතාවට හානි

අද දිනයේ ඇද හැලුනු මහ වර්ෂාපතනය හේතුවෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන මීපිලිමාන, මාගොඩ,එල්ක්ප්ලේන්ස් ,බ්ලැක්පූල් යන ප්‍රදේශයන්හි වගාබිම් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී විනාශ වී ඇත.

මෙම වර්ෂාව හමුවේ ජලය බැස යන ඇළ මාර්ග සහ බෝක්කු නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් මෙලෙස දිගින් දිගටම වගාබිම් යටවිමට හේතුවී ඇති බවයි ගොවියන් මැසිවිලි නගන්නේ.

එමෙන් ම මේ හේතුවෙන් වගාබිම් ආශ්‍රිතව ඇති නිවෙස් තුළට ද ජලය ගලා ඇති බවට ද වාර්තා වී ඇත.

පොහොර සහ කෘමිනාශක නොමැතිව මහත් වෙහෙසක් දරා සිදුකරන  ගොවිතැනද මේ අයුරින් වර්ෂාවට සේදී යාම ඉතාමත් ශෝචනීය තත්ත්වයක් වන අතර මෙලෙස දිගින් දිගටම වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් ගොවිතැන් කටයුතු අඩාල උවහොත් ඉදිරියේදී එළවළු හිඟයක් ඇතිවිය හැකි බවද ගොවියන් සඳහන් කර ඇත.

Exit mobile version