අද (09) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළංඇතිවිය හැකි බවයි.
මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ද ඉදිරි පැය 24 තුළ දී ඇති විය හැකි බව ද වාර්තා වේ.