වසර 05 තුළ වාහන 2,498,714 ක් ගෙන්වලා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (09) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කොට ඇත්තේ රටේ සිටින ජනගහණයෙන් සෑම 05 දෙනෙකුගෙන්ම 01 අයෙකු පසුගිය වර්ෂ 05 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බවයි.

ඔහු වැඩි දුරටත් සදහන් කොට ඇත්තේ එම වාහන ආනයනයෙන්  75% ක් බැංකු ණය මත ලබාගත් වාහන බවත් ආනයනය කරන වාහන සදහා බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීම සම්බන්දයෙන් යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් පවසා තිබේ.

ඒ අනුව  2015 සිට 2020 දක්වා ලංකාවට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 2,498,714 ක් වන අතර ඒ 2015දී – වාහන 652,446ක්, 2016දී වාහන 466,986ක්, 2017දී වාහන 448,320ක්, 2018දී වාහන 496,282ක්, 2019දී වාහන 332,452ක් හා 2020දී වාහන 102,228ක් වශයෙන් බව වාර්තා වේ.

Exit mobile version