වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් නියෝගයක්

අග්‍රාමාත්‍යවරයා විසින් ,ආනයන අපනයන පාලක ජනරාල්වරයාට සහ රේගු අධ්‍යක්ෂක ජනරාවරයාට නියෝග ලබා දී ඇත්තේ වරාය තුළ මේ වන විටත් සිරවී ඇති අතවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන ලෙසටයි.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අද (24) පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව රැස් වූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දී ඇත.

එසේ ම මෙම සාකච්ඡාවේ දී කිරිපිටි,ගෑස්,සිමෙන්ති යන භාණ්ඩවල මිල ගණන් සංශෝදනය පිළිබඳව ද අවධානය යොමු වී තිබූ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කර ඇත්තේ  එම මිල සංශෝධනයන් ලබන සඳුදා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Exit mobile version