වරායේ සිර වී ඇති කිරිපිටි ප්‍රතිඅපනයනයට ආනයනකරුවන් අපේක්ෂා කරයි

කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ මේ වන තෙක් වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස් කරගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් එම තොග ඉන්දුනීසියාවට හා බංග්ලාදේශයට ප්‍රතිඅපනයනය කිරීමට අපේක්ෂා කරන බවයි.

කිරිපිටි නරක්වීමේ අවදානමක් පවතින බැවින් සහ මේ වන තෙක් මෙම ගැටලුවට විසඳුමක් නොලැබීම නිසාත් මෙම කිරිපිටි තොග ඉන්දුනීසියාවට හා බංග්ලාදේශයට ප්‍රතිඅපනයනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ,ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසා ඇත.

Exit mobile version