වලස්මුල්ලෙන් ගිය හොර නෝට්ටු ශ්‍රී පාද නල්ලතන්නියෙන් අල්ලයි

ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වලස්මුල්ලේ සිට වන්දනාකරුවන් පිරිසක් රැගෙනආ රියදුරකු ව්‍යාජ මුදල් නොට්ටු සමග නල්ලතන්නිය පෙලිසිය විසින් 18 අත් අඩංගුවට ගෙන ඇත.


මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ වලස්මුල්ල ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිනි රියදුරකු නල්ලතන්නිය ප්‍රදේශයේ වෙළද සැලකට ගොස් භාන්ඩ රැගෙන මුදල් ලබාදිමේදි එම මුදල් නොට්ටු ගැන සැකසිති එම වෙළද සැල් හිමියා විසින් කරන ලද දැනුම් දිමක් මත මෙම පුද්ගලයා සැක පිට අත් අඩංගුවට ගත් බවයි.


එසේ අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඔහු සන්තකයේ තිබි රුපියල් දහාසේ ව්‍යාජ මුදල් නොට්ටු 11හා රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නොට්ටුවක් තිබු බවත් එම තත්වයන් මත එම ව්‍යාජ මුදල් නොට්ටු සමග පුද්ගලයා අත් අඩංගුවට ගත් බවත්ය.


මෙසේ අත් අඩංගුවට ගන්නා ලද එම සැකකරු වන වලස්මුල්ල පදිංචි අවුරුදු 43ක් වයැසැති එච්. ඒ. චමින්ද යන අය හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් එච්. ෆරිඩ්ඩීන් මහතා විසින් එම සැකකරු මේ මස 31වන දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කිරිමට නියෝග කරන ලදි.

Exit mobile version