ලුණුගම්වෙහෙර රන්මුතුවැව ගල්කොරිය මංසන්දිය අසලදී හේනක් වෙත යමින් සිටි පාසැල් සිසුවෙක් ඇතුළු සිවු දෙනකුට වල් අලි ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තාවේ.
රන්මුතුවැව තණමල්විල මාර්ගයේ ගල්කොරිය මංසන්දිය අසල ප්‍රදේශය වණ රෝද අතරින් මාර්ගය වැටි ඇති ප්‍රදේශයෙන් මෙම සිවු දෙනා ගමන් කරමින් සිටියදී එක් වරම සද්දන්තයා පාරට පැමිණ තිබේ.
සද්දන්තයා මාර්ගයේ යමින් සිටි අයට පහර දී ඇති අතර දෙදෙනෙක් අලියාගෙන් බේරීමට දිව ගොස් තිබේ. අනෙක් දෙදෙනා වල් අලි ප්‍රහාරයට ලක්ව තිබේ.
අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්වයේ පසුවූ සිසුවා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගොස් ඇත්තේ සුපුන් සාරංග නැමති 16 හැවිරිදි රන්මුදුවැව මහා විද්‍යාලයේ 11වන වසරේ ඉගනුම ලැබූ සිසුවෙක් බවයි වාර්තාවන්නේ.