වව්නියාවේ මාරක රිය අනතුරක්.

යාපනය මහනුවර ඒ9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව නවගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ලොරි රථයක් ගැටී සිදුවූ  රිය අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය සදහන් කර තිබේ.

අනතුරට පත්ව මෙලෙස මිය ගොස් ඇතතේ ඉරට්ටපෙරිය කුලම් ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ  58 හැවිරිදි ව්‍යාපාරිකයකු වන රංජිත් නැමති අයකු බව පොලීසිය පවසා තිබේ.

ඔහු තම යතුරුපැදියෙන් ඉරට්ටපෙරියකුලම් සිට වව්නියාව දෙසට ගමන් කරමින් සිටියදී මාර්ගයේ ධාවනය වූ ලොරියක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන එම ව්‍යාපාරිකයා ගමන්ගත් යතුරුපැදිය යටකරගෙන ගොස් ඇත.

එම අනතුර හේතුවෙන් බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version