වවුචරය වෙනුවට අනයනයෙන්, පුංචි උන්ට පාසල් නිල ඇඳුම් ලබන වසරේදී

අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ලබන වසරේ මුල් කාර්තුවේදී පාසල් නිල ඇඳුම් රෙදි ලබාදී අවසන් කරන බවයි.

ඒ අනුව වැඩිදුරටත් ඔහු සඳහන් කළේ නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 70% ක් චීනයෙන් ආනයනය කරන අතර ,ඉතිරි 30% දේශීය වශයෙන් නිෂ්පාදනය කරන බවයි.

කෙසේ වෙතත් වවුචර් ක්‍රමය තුළින් යම් සාධනීය ලක්ෂණ පෙන්නුම් කළ අතර දරුවන්ට තත්වයෙන් උසස් නිළ ඇඳුම් රෙදි ලබා ගැනීමට හැකි විය. නමුත් පසුගිය ආණ්ඩුව සමයේදී මෙම වවුචර් ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ අතර නිළ ඇඳුම් රෙදි ආනයනය කිරීමට ක‍ටයුතු කළේය.

Exit mobile version