පසුගිය 18 වනදා රාත්රියේ 08.30 ට පමණ වවුනියාව, නෙඩුන්කර්නි , ශිවනගර් ප්රදේශයේ දී තරුණියක් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 21 ක් වූ දුරෙයිරාජසිංහම් ප්රමිලා නිවස ආසන්නයේදීම වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අසල්වැසි නිවසක 29 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්රකාශ කරයි.
ඝාතනයට ලක් තරුණිය ජීවත් වූ නෙඩුන්කර්නි ප්රදේශයේ නිවස ආසන්න නිවසක අදාළ පුද්ගලයා පදිංචිව සිට ඇති අතර පොලිසිය අනාවරණය කර ඇත්තේ එම තරුණිය නිවසින් එළියට පැමිණි අවස්ථාවේ බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
මේ වන විට ඝාතනයට හේතුව සොයා පරීක්ෂණ සිදු කරන බවත් මියගිය තරුණියගේ සහ සැකපිට අත්අඩංගුවට ගැනුනු පුද්ගලයාගේ දුරකථන අංක දත්ත වාර්තාවක් ලබාගැනීම වෙනුවෙන් මේ වන විට කටයුතු කරන බව ද පොලිසිය ප්රකාශ කරයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගැණුනු පුද්ගලයා වවුනියාව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළ බව ද වාර්තා වේ.