වවුනියා විශ්ව විද්‍යාල උපකුලපති මහාචාර්ය ආර්.මංගලේස්වරන් මහතා එම විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදෙන ලෙසට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් ඉල්ලීම් කර ඇත.
උපකුලපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ වවුනියා විශ්ව විද්‍යාලය පිහිටුවා වසරක් ගතවීම නිමිත්තෙන් පැවති උත්සවයක දී ය.
මහාචාර්යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ වවුනියා මහ රෝහල ශික්ෂණ රෝහලක් බවශයෙන් උසස් කිරීමට ගෙන ඇති තීරණය සමග වවුනියා විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම අනිවාර්යය අවශ්‍යතාවයක් බවයි.
වවුනියා විශ්ව විද්‍යාලයට මේ වන විටත් නව පරිසර විද්‍යා පීඨයක් ද ලබා දී ඇති අතර ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද වෙන් කර ඇත.