වසන්ත නිදහස්. ත්‍රස්ත විමර්ෂණ කෝඨිඨාශයට අවවාද

පලිගැනීමක් ලෙස වරදක් නොකල පුද්ගලයෙකු රජයේ නිලධාරීන් ලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිරකරගෙන සිටීම අහස පොලව නුහුලන අපරාධයකි. ශ්‍රී ලංකාවේ බොහෝ අවස්ථාවලදී එය දක්නට ලැබේ. එවැනි බොහෝ සිද්ධීන් අප්‍රසිද්ධව සිදු වූවත් වසන්ත මුදලිගේ වැනි අයට එය සිදු කලේ ප්‍රසිද්ධියේමය. එය අධිකරණය විසින්ද තහවුරු කරමින් බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ අද (ජන. 31) නියෝග කර තිබේ. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසිනි.

අදාළ නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා සදහන් කර තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන කිසිදු වරදක් සැකකරු සිදු කර නොමැති බව අනාවරණය වන බැවින් ඔහු නිදහස් කරන බව ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර ඇති බවට අනාවරණය බව ද මහේස්ත්‍රාත්වරයා පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වසන්ත මුදලිගේ දින 150කට අධික කාලයක් සිරගතව පසු විය.

Exit mobile version