වසන්ත මුදලිගේට රැදවුම් නියෝග එද්දී මැයි 9 ප්‍රහාරයේ වග කීව යුත්තෝ නිදැල්ලේ.

ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ බලය තිබෙන පුද්ගලයන්ගේ අවශ්‍යතාවය අනුව බව අමුතුවෙන් ලිවිය යුතු නැත. කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ පොලිස් ආරක්ෂාව පවා ඉවත් කල තුට්ටු දෙකටත් වඩා පහත් වැඩ කල පොලිස් ලොක්කෝ අප දුටුවෙමු.

මේ වන විට වසන්ත mudalige අත් අඩංගුවට ගෙන රැදවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරමින් සීටී. මේ ලිපිය ලියන මොහොත වන විට සමහරවිට ඔහුට දින 90 කට රැදවුම් නියෝග ලබා දි තිබිය හැකිය. අප අධිකරණ කටයුතු සහ නියෝග ගැන කිසිවක් සටහන් නොකරමු. නමුත් පොලිස් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාව විනාශ කරන දෙබිඩි පිළිවෙත් ගැන කම්පා වෙමු.

රැදවුම් නියෝග ලබා ගැනීමට හිටි හැටියේම මතක් වෙන ශ්‍රී ලංකා පොලිසියේ ම්ලේච්ච ක්‍රියාවලින් සිදුවන්නේ දිගින් දිගටම ශ්‍රී ලංකාව විනාශ වීම පමණි.

මාර්තු 31 ප්‍රහාරය සහ මැයි 9 ප්‍රහාරයන් වලට සම්බන්ද ආරක්ෂක අංශ සාමාජිකයන් තවමත් නිදල්ලේය. ඒ අතර ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට එරෙහිව ජිනීවා මානව හිමිකම් සැසියේදී යෝජනාවක් ඉදිරිපත් වේ. මේ සියල්ලෙන්ම විනාශ වන්නේ ශ්‍රී ලංකාවයි.

කෙසේ වුවත් අරගලකරුවන් අත් අඩංගුවට ගැනීමෙන් මේ ප්‍රශ්නය නොවිසදෙනු ඇත. එයින් සිදුවන්නේ ප්‍රශ්නය තව දුරටත් ඇවිස්සීම සහ ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙන ඒම පමණි.

වසන්ත මුදලිගෙට පෙර නීතිය ක්‍රියාත්මක කල යුත්තෝ සිටිති. අරගලයක් ආරම්භ වුයේ මේ දෙබිඩි පිළිවෙත නිසාමය. රැදවුම් නියෝග මත රදවාගෙන සිට ඔවුන්ගේ අනාගතය විසදන අයුරු කෙසේද යන්න අප දැක තිබේ. රට ගිනි තැබූ පුද්ගලයන්ට ක්‍රියාත්මක නොවූ නීතිය ඔවුන්ට එරෙහිව කටයුතු කල පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට පටහැනි වේ. රැදවුම් නියෝග අවසාන වන විට වසන්ත මුදලිගේ සතුව තහනම් මත්ද්‍රවය සහ අවි ආයුද පවා තිබී හමු වු බවට අධිකරණයට කරුණු වාර්තා කිරීමට වුවද ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබිය හැකිය.

කොහොම උනත් මේ සිදුවෙමින් පවතින්නේ සිදූ නොවිය යුතු දේවල්ය. දේශපාලන වුවමනාවන් වලට අනුව හෝ පොලිසිය නීතිවිරොදි ලෙස කටයුතු කරන්නේ නම් ඔවුන් මතක තබා ගත යුත්තේ තමන්ගේ දු දරුවන්ද ජීවත් විය යුත්තේ මේ රටේම බවයි. අදුරදර්ශී පාලකයන් සමග එක්වරාජ්‍ය නිලධාරින් සිදුකළේද මෙරට විනාශ කිරීමයි. අරගලයක් ආරම්භ වුයේද මේ නිසාමය. දැනුත් ඔවුන් සිදුකරන්නේ ද එයමය. එහි ප්‍රතිපලය ලැබෙන්නේ ද සහ මතු විනාශයන්ට මුහුණ දීමට සිදුවන්නේද තමන්ගේම දරුවන්ට බව වත් නොසිතා වැඩ කිරීමට තරම් ඔවුන් ආත්මාර්ථකාමී වීමේ පලය නොහොත් දුක තමන්ගේ දරුවන්ටද බලපාන බව නොසිතීමෙන්ම අනිත් දේවල් ගැන සිතීමෙන් පලක් නැත.

Exit mobile version