වසන්ත මුදලිගේ අරන් පොලිසිය වටේ යයි. පොලිසියේ බොරුව අධිකරණයේදී මාට්ටු වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පරිදි අද දින වසන්ත මුදලිගේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන තිබුණි.

එහිදී හදුනාගැනීමේ පෙරට්ටු කිහිපයකට ඉදිරිපත් කළ යුතු යැයි පවසමින් ඔහුගේ මුහුණු ආවරණය කොට අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇත. කෙසේ නමුත් මහේස්ත්‍රාත් තුමා විසින් එම හඳුනා ගැනීමේ පෙරට්ටු වලට අදාල නඩු මොනවා දැයි විමසීමේදී එබදු කිසිදු නඩුවක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අපොහොසත් වී ඇති බවද වාර්තා වේ.

 ඒ අනුව වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා කරුණු දක්වමින් පැහැදිලිව අධිකරණයට දන්වා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග මත වසන්ත මුදලිගේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූව ද ඔහුව තවදුරටත් කෙසේ හෝ රක්ෂිත භාරයේ තබා ගැනීමේ අරමුණින් මෙබඳු කූඨ උපක්‍රම පොලිසිය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවය.

එම කරුණ මහේස්ත්‍රාත්තුමා විසින් සිය නඩු වාර්තාවට පැහැදිලිව ඇතුළත් කර බව වාර්තාවන අතර වසන්තව නැවත වතාවක් නොවැම්බර් මස 18 වන දින දක්වා රැඳවුම් භාරයට පත් කොට තිබේ. එදිනට මහේස්ත්‍රාත් තුමා වෙත නැවත ඔහුව ඉදිරිපත් කළ යුතුව ඇත.

කෙසේ නමුත් පළිගැනීමේ අරමුනින් හෝ අරගල නවත්වා ගැනීමේ අරමුනින් ඔහුව රදවා තිබීමෙන් ඔහුට අසාධාරණයක් සිදුවන නමුත් එතුලින් සියලුම දේ දත් අනාගත නායකයන් බිහිවීම රටක් ලෙස ගත්විට සුවිශාල ජයග්‍රහණයකි.

Exit mobile version